දෙමළ බසින් ජාතික ගීය ගයන්න පුළුවන්

March 21, 2015

දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අයිතියක් තිබෙන බව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැසී ය. ව්‍යවස්ථාවේ තිබෙන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන් ම එකඟ බවත් කී පෙරේරා මහතා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ ජාතිවාදි, අන්තවාදි මිනිස්සු නිසා යැයි ද කියා සිටියේය.

ජතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට දී ඇති අවසරය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවට විනාඩි කිහිපයකට පසුව කතා කරමින් ඩිලාන් පෙරේරා මහතා එසේ කියා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජාතික ගීය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතය වන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p