Local News

එජාපයෙන් රංජන්ට කැපිල්ලක්ද?

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කෙතරම් මාධ්‍ය සන්දර්ශන ඉදිරිපත් කළද දූෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධව කිසිවක් මෙතෙක් සිදු කරගැනීමට නොහැතිව ඇති බව විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගියදා ඔහු විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ දුම්න්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලාසිටින බවයි. තවද දූෂිතයන් රැසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම සම්බන්ධයෙන්ද රන්ජන් රාමනායක නිරුත්තර Read More

අලූත් අවුරුද්දට ඉන්ධන හා බඩු මිල අඩු කෙරේ..

රජය විසින් අලූත් අවුරුද්දට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ ජීවන වියදම් කමිටුවට උපදෙස් දී ඇත්තේ පාරිභෝගික භාණ්ඩවල අමතරව ඉන්ධන මිලද යළිත් වරක්  අඩු කිරීමට ඇති හැකියාව සොය බලන ලෙසයි.

රාජ්‍ය වෙසක් උත්සවය 04 දා මහියංගනයේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 4 වැනි දින පැවැත්වෙන බව බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පලාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.   Read More

ඥානසාර හිමියන්ගෙන් පොලිසියට ප්‍රකාශයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික ගැටලූ විමර්ශනය සදහා පත් කෙරුණු පොලිස් ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ, පසුගිය පෙබරවාරි මාසයේ පුද්ගලයන් පස් දෙනෙකු කිරුළපන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළවයි. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන ප්‍රකාශවලින් ඉස්ලාම් ආගමට අපහාසයක් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට සිත් රිදීමක් ඇති වන බවද අදාළ Read More

ජනාධිපති නිහඬ පුද්ගලයෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ගන්න අපි උදවු කරනවා. එතුමාගේ පියා සමඟ බණ්ඩාරනායක මහතා මේ පක්‍ෂය හැදුවා. එය රැුක ගැනීමේ වගකීම එතුමාට තිබෙනවා. මේ කරන විකාර වැඩ හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ අසරණ අනාථයො වෙලා… යැයි කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පැවැසීය. නගරාධිපතිවරයා එසේ පැවැසුවේ නගර සභා රැුස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි Read More

Free Wi Fi තියෙන තැන් මෙන්න

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් (30දා* පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ. රජය විසින් පිහිටුවන මෙම වයිෆයි කලාප හේතුකොට ගෙන අද සිට අන්තර්ජාල පහසුකම් නොමිලේ මහජනතාවට ලබා ගැනීමට හැකිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම ප‍්‍රධාන බස් නැවතුම් පොළ, පිටකොටුව පෞද්ගලික Read More

ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී

2015 ජාතික අලුත් සහල් මංගල්‍යය 48 වන වතාවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ලබන 04 වන දින ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සහ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. වී අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව සකස්කර ගන්නා සහල්වල අග්‍ර‍ කොටස එනම්‚ අලුත් අස්වැන්නේ දෙනු ලබන ප්‍ර‍ථම දානය අලුත් සහල් මංගල්‍යය නම් වේ. Read More

මැයි පළමුවෙනිදා මහින්ද වෙනම මැයි රැළියක..?

ලබන මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන දේශපාලන පක්ෂ හතරේ මූලිකත්වයෙන් වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය වී තිබේ. තම කණ්ඩායමේ දේශපාලන කටයුතු වලට සහය දක්වන වෘත්තීය සමිති හවුල් කරගෙන මෙම මැයි දින  උත්සව පවත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කැනේඩියානු ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පොලිස් ප‍්‍රහාරයක්

කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේදී පැවති ශිෂ්‍ය විරෝධතාවක් කැනේඩියානු පොලිසිය විසින් විසුරුවා හැර ඇතැයි වාර්තා වේ. රජය විසින් සිදුකරන අධ්‍යාපන කප්පාදුවට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ මෙම රැළිය සඳහා දහස් ගණනක් එක්ව සිටි බව පැවසේ. පාගමනේ සැලැස්ම පිළිබඳව ප‍්‍රාදේශීය පරිපාලනය දැනුවත් කර නොතිබීම මත විරෝධතාවය නීතිවිරෝධී බව එය ආරම්භ කිරීමට පෙරම පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කර Read More

මට මොකටද ඇමතිකම් දුන්නේ..

තමනට ඇමතිකමක් දුන්නේ ඉල්ලීමක් තමන් නොකර උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. ‘අපේ පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව දිරියට ගෙනයෑමේදී පොරොන්දු ඉටුකරන්න අපේ සහයෝගය අවශ්‍ය වෙනවා.  එනිසා එතුමා අපිට ජාතික ආණ්ඩුවකට ආරාධනා කළා. ඒ අනුව තමයි කීප දෙනෙකුට ඇමතිකම් ලැබුණේ. මට ඇමතිකම් ලැබුණ හේතුව නම් දන්නේ නෑ.  හැබැයි ජෙයාරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ Read More

t

o

p