රාජ්‍ය වෙසක් උත්සවය 04 දා මහියංගනයේදී

April 1, 2015

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 4 වැනි දින පැවැත්වෙන බව බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පලාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

“මෙත් සිතින් ගුණ වඩමු” යන්න මෙවර වෙසක් දින තේමාව වන අතර මැයි 03 සහ 04 දෙදින ප්‍රධාන වෙසක් සැමරුම් වැඩසටහන් දිවයින පුරා පැවැත් වේ.

 

මීට අමතරව අප්‍රේල් 30 වැනි සිට මැයි 6 දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක වන අතර මැයි 15 වැනිදා වෙසක් චිත්‍රපට උළෙලක් ද පැවත් වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p