ඥානසාර හිමියන්ගෙන් පොලිසියට ප්‍රකාශයක්

March 31, 2015

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික ගැටලූ විමර්ශනය සදහා පත් කෙරුණු පොලිස් ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

ඒ, පසුගිය පෙබරවාරි මාසයේ පුද්ගලයන් පස් දෙනෙකු කිරුළපන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළවයි. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන ප්‍රකාශවලින් ඉස්ලාම් ආගමට අපහාසයක් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට සිත් රිදීමක් ඇති වන බවද අදාළ පැමිණිල්ලේ දැක්වුණා. පොලීසිය සදහන් කළේ පැමිණිලි පාර්ශවයෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p