ජනාධිපති නිහඬ පුද්ගලයෙක්

March 31, 2015

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ගන්න අපි උදවු කරනවා. එතුමාගේ පියා සමඟ බණ්ඩාරනායක මහතා මේ පක්‍ෂය හැදුවා. එය රැුක ගැනීමේ වගකීම එතුමාට තිබෙනවා. මේ කරන විකාර වැඩ හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ අසරණ අනාථයො වෙලා… යැයි කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පැවැසීය.

නගරාධිපතිවරයා එසේ පැවැසුවේ නගර සභා රැුස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි වෙමිනි.
නගරාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

හිටපු ජනාධිපතිතුමා මේ රටට විශාල සේවයක් කළා. නිමා කළ නොහැකි බවට විදේශිකයන් පවා අනාවැකි පළ කළ යුද්ධය එතුමා නිමා කළා. රටේ සංවර්ධනය කළා. ඒක නැතැයි කියා කාටවත් කියන්න බැහැ. මේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කීවා නියමිත කාලය එනතුරු මැතිවරණයට යන්න එපා කියා. ඒත් කේන්දරකාරයෝ විශ්වාස කරලා ඒක කළා. මහින්ද මහතාගේ රැුස්වීම්වලට ලක්‍ෂ ගණනින් සෙනඟ පෙන්නුවා. ඒත් ප‍්‍රතිඵලයේදී පරාජය වුණා. හරියට අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ ඒවා මාධ්‍ය සන්දර්ශන පමණක් වුණා.

වේදිකාවල කතා කරලා එතුමාව පරාජය කළ අයම දැන් රට වටේ වෙනස් දේවල් කරමින් යනවා. මේ අයට කියන්නෙ ත‍්‍රීවීලර් පක්‍ෂ කියා. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගන්න කෑගහන්නේ මේ අයයි. මේ අය ඡුන්ද පදනමක් ඇති අය නෙවේ. ඔය දඟලන තුන්දෙනා තමන්ගේ පක්‍ෂයේ සුබසිද්ධිය තකා කටයුතු කරගන්නවා නම් හොඳයි. අපේ පොදු සතුරා එක්සත් ජාතික පක්‍ෂයයි. එය පරාජය කිරීමට අපි අත්වැල් බැඳගත යුතුයි. වත්මන් ජනපතිතුමා නිහඬ පුද්ගලයෙක්. ඒත් එය නිවටකමක් ලෙස හිතන්න එපා. නිහඬ පුද්ගලයො තමයි පෙරළි කළේ. ඒබ‍්‍රහම් ලින්කන් හීන්දෑරි පුංචි මනුෂ්‍යයෙක්. එතුමා කවුද කියා මුළු ලොවම දන්නවා. එනිසා මේ දුක් මහන්සියෙන් ගොඩනඟපු පක්‍ෂය විනාශ කර අපිව අතරමං කරන්න එපා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p