Local News

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසන්න ජනපති යයි

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා  (12) එම නිවසට ගියේය.  මාතර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත විය.

විපක්ෂය සෙනඟ ගෙන්නා ගන්න ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ගේ නම් යොදා ගන්නවා

විපක්ෂය විසින් සෙනඟ ගෙන්නා ගන්න ආණ්ඩු පක්ෂයෙ අමාත්‍යවරුන්ගේ නම් යොදා ගන්නා බවත් පසුගිය දිනවල දී විපක්ෂය නුවරට ගිය විට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විපක්ෂයට එනවා යැයි කියන බවත් මේ සියල්ල අමූලික බොරු බවත් එය මහජනතාවගේ කුතුහලය අවුස්සා සෙනඟ ගෙන්නා ගැනීමට කරන කුමන්ත්‍රණ බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මහතා පැවසීය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ Read More

රටේ ප්‍රගතිශිලි බලවේග ජනාධිපතිතුමා වටා එක්වෙලා

එජාපය සමඟ අපගේ පක්ෂයේ සුළු පිරිසක් එකතු වුණත් මේ රටේ ප්‍රගතිශිලි බලවේග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා එක් වී සිටින බවත් අනුරාධපුරයේදී ඒ තත්ත්වය හොඳින් ම දුටු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 03ක් සඳහා පැවති විවාදයේ අදහස් දක්වමිනි. Read More

වැල්ලවායේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 80ක් පැය 08ක් තුළ විවෘත වේ

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමේ අරමුණින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 80ක් පැය 08ක් තුළ විවෘත කෙරිණි. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයට අයත් සෙවණගල, තණමල්විල, වැල්ලවාය, බුත්තල හා කතරගම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් කාර්යාල Read More

ජනපති අකුරැස්ස ජනතාව හමුවෙයි

අද (12) පස්වරුවේ මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අකුරැස්ස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අසල දී එම ප්‍රදේශයේ ජනතාව හමු විය. එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඔවුන් මහත් හරසරින් යුතුව පිළිගත් අතර රට දිනවූ රාජ්‍ය රාජ්‍ය නායකයා වෙත තම ආචාරය ද පුද කර සිටියහ.   වැඩම කර Read More

විපක්ෂයේ රැස්වීම් සඳහා ජනතාව ගෙන්වීමට විවිධ ක්‍රම යොදාගන්නවා

පොදු විපක්ෂයේ රැස්වීම් සඳහා ජනතාව ගෙන්වා ගැනීමට විවිධ ක්‍රමයන් යොදා ගන්නා බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු වේදිකාවට ගොඩවන බවට බොරු ප්‍රචාරයන් යවමින් ජනතාව ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති Read More

එදා ඇහැළේපොළ – අද මෛත්‍රීපාල, එදා පිළිමතලාවේ – අද පාඨලී චම්පික

එදා ඇහැලේපොළගේ භූමිකාව අද මෛත්‍රීපාල සිරිසේනත්, එදා පිළිමතලාවේගේ භූමිකාව අද පාඨලී චම්පිකත්, එදා ජෝන් ඩොයිලිගේ භූමිකාව අද  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියත් රඟදක්වමින් සිටින බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අවිස්සාවේල්ල සීතාවක අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 45කින් සමන්විත සීතාවක නාගරික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට Read More

තැපැල් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සංසදය අද

ශ්‍රී ලංකා තැපැල් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සංසදයේ හමුවක් අද (10) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

මූණු මාරුව වෙනුවට, ක‍්‍රම මාරුවට සැරසෙමු! වමේ බලයක් ගොඩනගමු!

වමේ පෙරමුණ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සංවිධානය කරන ලද පලමු රෑළිය ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී ඊයේ 09 දින පෑවෑත්වින. මේ සදහා වාමාංශික දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය. මෙහිදී අදහස් දැක්වූ වමේ ජනපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගිය හැකි එකම මාවත වමේ බලයක් ගොඩනැගීම බව පෑවසීය. මූණු මාරුව වෙනුවට, ක‍්‍රම මාරුවට සැරසෙමු! Read More

බෙවර්ලි ස්ට්‍රීට් නවතම ශාඛාව රාජගිරියේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසැල් ජාලයක් වන බෙවර්ලි ස්ට්‍රීට් හි නවතම ශාඛාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ආරාධිත අමුත්තාවූ ආරක්ෂක ලේකම්වරයා පැමිණීමෙන් අනතුරුව‍ පීත්ත පටිය කපා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් මෙම ශාඛාව විවෘත කරනු ලැබීය. ඉන්පසුව රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම Read More

t

o

p