ස්ථානාධිපතිවරු 10ට ස්ථානමාරු

October 20, 2015

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් දස දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි.

ඒ අනුව ගම්පොල, ඇල්පිටිය, දොඩංගොඩ, වැලිගම, ලග්ගල, කල්තොට, මිල්ලනිය යන පොලිස් ස්ථානවලට නව ස්ථානාධිපතිවරුන් පත්කර ඇත.

ඊට අමතරව පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විදේශ කටයුතු අමාත්‍යාංශ පොලිස් ඒකකය සඳහාත් නව ස්ථානාධිපතිවරයෙක් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ලග්ගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මාතර කොට්ඨාසය වෙතත් මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙතත් මාරු කර ති‍ෙබ්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p