බෙහෙත් පෙත්ත උගුරේ සිරවී මල් කැකුළක් මියයයි

October 18, 2015

බෙහෙත් පෙති භාගයක් උගුරේ සිරවීමෙන් මිහින්තලය, මහකනදරාව ප්‍රදේශයේ කුඩා දැරියක මියගොස් තිබේ.

වයස අවුරුදු තුන හමාරක දැරියක මෙලෙස මියගොස් ඇති බව  පොලිසිය පැවසුවේය.

රෝගී තත්ත්වයෙන් පසුවූ අදාළ දැරිය දැරියගේ පියා විසින් ඊයේ පෙරවරුවේ මිහින්තලේ රෝහලේ වෛද්‍යවරයා හමුවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී තිබේ.

එහිදී වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් වලට අනුව දැරියගේ පියා විසින්  බෙහෙත් පෙති භාගයක් දැරියට ලබාදී ඇති බව සඳහන්ය.

එය පිට උගුරේ යාමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්වූ දැරිය මිහින්තලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p