Local News

කොළඹ වාහන වේගය පැ.කි.මී. හයයි..

කොළඹ නගරය තුල වාහන ගමන් කරන වේගය තවත් වසර පහක කාලයක් තුල පැයට කිලෝ මීටර් හයක් වනු ඇති බව මොරටුව විශ්වවිද්‍යාලය විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිව තිබේ. විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මේ වන විට කොළඹ නගරයේ පවතින රථ වාහන තදබද නිසා සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 12 Read More

යුක්රේනයේදී ලෙනින් ඩාර්ත් වේඩර් වෙයි

ස්ටාර් වෝර්ස් චිත‍්‍රපට මාලාවේ එන දුෂ්ට රජු වන ඩාර්ත් වේඩර් පිළිබඳ යුක්රේන වැසියන්ගේ ඇති උමතුව නව මානයක ළගාවී තිබේ. ඒ ඔඩෙස්සාහි පිහිටා තිබූ ලෙනින් ප‍්‍රතිමාවක් ඩාර්ත් වේඩර් ප‍්‍රතිමාවක් බවට පෙරළීම සමගිනි. ඔඩෙස්සා කම්හලක පිහිටුවා තිබූ මෙම පිළිරුව කියෙව් බලධාරීන් විසින් දියත් කළ කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරය තුළදී විනාශ කෙරිණි. නමුත් කම්හලේ සේවකයින්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත Read More

වීරවංශට ඇප

වැරදි විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි යන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බර්නාඩ් මහතා අද පස්වරුවේ ඇප නියම කළේය.

ඇන කොටා ගන්නා යුගය නැති කරමු

පාර්ලිමේන්තුවේදී හැමෝටම වාගේ චෝදනා මුඛයෙන් කතා කළ කෙනෙකු ගුවන් තොටුපොළෙන් යන්න ගියාම නොයෙකුත් හේතූ නිසා ගමන අවහිර තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කාරුණික වෙලා ඒ අයට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන්. අපි අපිම ඇන කොටාගෙන, අපිම නැතිවෙන යුගය අපි නවත්තන්න  ඕනෑ යනුවෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මෙම අදහස් පළ Read More

අමුණුගමටත් ඇමැතිකමක්

විශේෂ ව්‍යාපෘති කැබිනට් ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු ද සමග කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48කි.

උපාලි කොඩිකාරට ඇප ලැබෙයි!

පොලීසියේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇප මත නිදහස් කර තිබේ. බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන් පිරිසක් මැලේසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බැවින් ඒ සඳහා උපාලි කොඩිකාර මහතාටද අවස්ථාවක් ලබාගනු පිණිස ඇප ලබාදෙන්නැයි මන්ත්‍රීවරයාගේ නීතිඥයා විසින් අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. කරුණු Read More

ඉස්තාන්බුල් නුවර ISIS ළමා සටන්කාමීන් පුහුණු කරන කඳවුරක්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිදුකළ වැටලීමකින් ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන විදේශිකයින් ගණනාවක් එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. තුර්කියේ විශාලතම නගරය වන මෙහි නැගෙනහිර පෙන්ඩික් දිස්ත‍්‍රික්කය තුළ මෙම විශේෂ වැටලීම සිදුකර ඇති අතර ඒ සඳහා හෙලිකොප්ටරයක්ද සහභාගී වී ඇත. මෙය ඔක්තෝබර් 10වනදා තුර්කි වැසියන් 100කට පමණ මරු කැඳවමින් අන්කාරා නුවරට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරයෙන් Read More

ඇයවැයෙන් වාහනවලට මහ බද්දක්..?

2016 වසරෙ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මඟින් වාහන මිල විශාල වශයෙන් ඉහල යා හැකි බවට පැතිර යන ආරංචි හේතුවෙන් වාහන ආනයනකරුවෝ දැඩි කැළඹීමකට පත්ව සිටිති. දැනටත් සිය ව්‍යාපාර කටයුතු කඩා වැටී ඇති බැවින් තව දුරටත් බදු පැනවුවහොත් ව්‍යාපාර ඇතහැර දැමීමට සිදු වනු ඇතැයිද පවසන වාහන ආනයනකරුවන් මේ සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් මුදල් ඇමතිවරයාට ලබා Read More

යුධ අධිකරණ විනිසුරු ‘නොගුචි’ මහින්ද හමුවෙයි

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කලේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් Read More

වෙද විදුහලට විරෝධය පා සෞන්දර්ය සිසුහු මහ පාරේ

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්ව විද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.  

t

o

p