Local News

මැණික් කර්මාන්තය පුළුල් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් 26 වැනි වරට සංවිධානය කරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ තිබෙන ලොව දුර්ලභ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ Read More

වරාය සේවකයින්ගෙන් විස්මිත නිර්මාණයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශයේ විස්මිත නිර්මාණයක් වන ලෝ බෙඩ් යන්ත්‍රය වරාය මෙහෙයුම් සඳහා මුදා හැරීම පසුගියදා වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේදී  සිදු කෙරිණ. බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි. මෙහිදී අදහස් දැක්වු Read More

උඩු දුම්බරට හොඳ මාළු අස්වැන්නක්

මිරිදිය ධීවර කර්මාන්තය මෙරට ග්‍රාමීය ආර්ථිකය යහපත් තත්ත්වයක පවත්වාගෙන යාමට මහත් රුකුලකි. එම කර්මාන්තය ග්‍රාමීය ජනයා ගේ පෝෂණ තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගෙන යාමටත් උපකාරයක් වෙයි. ඡායාරූපයේ දැක්වෙන ගුරාමියා උඩුදුම්බර ඡන්ද බල ප්‍රදේශයට අයත් මිනිපේ යෝධ ඇළ වාරිමාර්ග කලාපයේ ග්‍රාමීය ජලාශයක වැඩුණු මාළුවෙකි. උගේ බර කිලෝ 12ක් වීය. ගුරාමියෝ, කොරළියෝ, කැටලාවෝ, පෙතියෝ, ආඳෝ හා ලූල්ලු Read More

ශ්‍රීලනිපයට අදට 65යි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහි වී අදට (02 වැනිදා) වසර 65 ක්‌ සපිරේ. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ශ්‍රීලනිපය බිහි කළේ 1951 වසරේ අද වැනි දිනයකය. ලොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඔස්‌සේ Read More

අතුරුදන්වූවන්ගේ පනත අධ්‍යයනයට උප කමිටුවක්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් උප කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බව නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා පවසයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරගනු ලැබීය. Read More

යළි පිබිදෙන යාල

යළි පිබිදෙන යාල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු අද පෙ. ව. 10.30 ට තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යාල ජාතික උද්‍යානයේ පලටුපාන ඇතුල්වීමේ දොරටුව අසලදී ආරම්භ කිරීමට නියමිතය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ යාල Read More

දඹුල්ලේ ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා හතරවන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නොමැති බවට විරෝධය පළකරමින් විරෝධතාවයක නිරතවූ ක්‍රීඩා ලෝලීන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ක්‍රීඩාංගණය අවට ඇති පුවරුවලට හානි කරමින්, හූ කියමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන අතර මේ හේතුවෙන් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා පැමිණ ඇත.

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි

ලබන වසරේ ජනවාරියේ දී අධිවේගී මාර්ග තුනක වැඩ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව 2017 ජනවාරි මාසයේදී කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල – දඹුල්ල, ත්‍රිකුණාමලය-යාපනය අධිවේගී මාර්ගය වැඩ ඇරඹීමට සැලසුම් කර ඇත. මේ අධිවේගී මාර්ග තුනෙන්ම මුළු රටම ආවරණය වන බවද වාර්තා වේ. මේ අතර ත්‍රිකුණාමලය සංවර්ධනය Read More

බෑන් කී මූන් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. රජයේ ආරාධනාවක් මත දිවයිනට පැමිණෙන බෑන් කී මූන් මහතා දින දෙකක් මෙරට රැඳී  සිටීමට නියමිතය.

උඩුදුම්බර අනුරාධ ජයරත්නට – යටිනුවර සරත් ඒකනායකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ද උඩුදුම්බර ආසන සංවිධායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද පත් කර තිබේ.

t

o

p