යළි පිබිදෙන යාල

September 2, 2016

යළි පිබිදෙන යාල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු අද පෙ. ව. 10.30 ට තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යාල ජාතික උද්‍යානයේ පලටුපාන ඇතුල්වීමේ දොරටුව අසලදී ආරම්භ කිරීමට නියමිතය.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ යාල ජාතික උද්‍යානයේ වනජීවී සංරක්ෂණය සහ පාරිසරික සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් යළි පිබිදෙන යාල සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
පලටුපාන ප්‍රධාන දොරටුව අසල ප්‍රවේශ පත්‍ර කවුන්ටරය නව තාක්ෂණය යටතේ ඉදිකිරීම, වනජීවී නිලධාරීන්ගේ නිල නිවාස අලුත්වැඩියා කොට පහසුකම් සංවර්ධනය කිරීම, යාල බීට්ටු කාර්යාලය අලුත්වැඩියා කර යළි ස්ථාපනය කිරීම, යාල සංචාරක බංගලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඇතුලු සංවර්ධන වැඩසටහන් රැසක් යළි පිබිදෙන යාල වැඩසටහනට ඇතුළත් වේ.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එස්.කේ.පතිරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

න වෙළඳ, ආයෝජන, සංස්කෘතික ආදී ක්ෂ්‍රේත්‍රයන්ට අදාල සැසිවාරයන් සඳහා ඉන්දීය සාගර කලාපීය රටවල් මෙන්ම බටහිර රටවල් ද නියෝජනය කරමින් රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහාභාගීවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p