Local News

ලෝක ළමා දිනයේ දරුවන්ට වනජිවි ඇමතිනියගෙන් තෑග්ගක්

හෙට (ඔක්තොම්බර් 01) දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයට, පින්නවල සත්වෝද්‍යානයට, පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 12 න් පහළ සියළුම දරුවන් නොමිලේ ඇතුළු කිරීමට තීරණය කර තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි

අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මූල්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරන අකාර්යක්ෂම මෙන්ම වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් දී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාව ද ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ. සිසුන්ට Read More

රජරට පීඨ 3ක් වසා දමයි

පවතින ජල හිඟය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ තුනක් අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර, ව්‍යවහරික විද්‍යා සහ කළමනාකරණ යන පීඨ මෙලෙස වසා දමා ඇත. කෙසේ වෙතත් විභාග කටයුතු නියමිත පරිදි පවත්වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

යෝෂිත රාජපක්ෂට විදෙස් ගතවෙන්න අවසර

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගතවීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ බලපත්‍රය මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(28)තීරණය කර තිබේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා,තමාට විදේශගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස  ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි. තමාගේ පාදයේ ශල්‍ය කර්මයක් සිදුකර ගැනීමට විදේශගතවීමට අවශ්‍ය බවත්, ඒ Read More

අධ්‍යාපන ඇමතිගෙන් මාධ්‍යවේදීන් ගැන විශේෂ හෙළිදරව්වක්

දේශපාලන බලපෑම් මත ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී චක්‍රලේඛවලට පටහැනිව ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කරගත් සියලූම මාධ්‍යවේදීන්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කිරිමට නියමිතය. මෙහිදි කොළඹ විශාඛා, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද යන Read More

2017 අයවැයට CTB යෝජනා මෙන්න

රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර, ශ‍්‍රී ලංගම සේවක අයිතීන් සුරක්ෂිත කිරිමට 2017 අය වැය ලේඛනය තුළින් සිදු කළ යුතු බවට යෝජනා කිහිපයක් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයට ඉදිරිපත් කර තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපියක එම යෝජනා දැක්වෙන අතර ඒවා වැඩිදුරටත් පහත පරිදිය. මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මැතිතුමා, මුදල් අමාත්‍යාංශය, Read More

අගමැති එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමුළුවට ගිය එජාප මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ඉල්ලයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සමුළුවේ 71 වෙනි සැසිවාරය නිමිති කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක කාර්යාලය වෙත නියෝග කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉහත ලේඛනය සභානයක කාර්යාලය විසින් සකස් කර ලබාදීමට නියමිතය. ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චි, අජිත් පි පෙරේරා, නාලක කොලොන්නේ Read More

ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හිතුමතේ වැඩ කරයි

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පවුල් ලක්ෂ 20 කට සින්නක්කර ඔප්පුදීමේ යහපාලන ජාතික රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ක්‍රියාකරන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගැන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු වාර්තා කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු රජයේ මැතිඇමතිවරු ඉඩම් අමාත්‍යාංශයේ Read More

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නව ලෝකයට ගැලපෙන උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරනවා

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නව ලෝකයට ගැලපෙන පරිදි මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිම රජයේ බලාපොරොත්තුව යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. සමහර උපාධිවලින් රැකියාවක් ලබා ගන්න Read More

බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනිම සීමා කරලා

බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනිම සීමා කිරිම තුළ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රජය අහිමි කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මෙසේද කීය. උසස් පෙළ සමත් එහෙත් ඉඩකඩ නොමැතිවීම නිසා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට නොහැකිව අසාධාරණයට ලක් වූ Read More

t

o

p