යෝෂිත රාජපක්ෂට විදෙස් ගතවෙන්න අවසර

September 28, 2016

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගතවීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ බලපත්‍රය මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(28)තීරණය කර තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා,තමාට විදේශගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස  ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

තමාගේ පාදයේ ශල්‍ය කර්මයක් සිදුකර ගැනීමට විදේශගතවීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දැනට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ පවත්නා තම විදෙස් ගමන්බලපත්‍රය ලබාදෙන ලෙසත් යෝෂිත රාජපක්ෂ මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට‍ දන්වා තිබිණි.

මෙම ඉල්ලීමට නීතිපතිවරයා විසින් විරෝධතාවය දක්වනු ලැබුවද මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා විසින් පවසා ඇත්තේ අධිකරණයක් විසින් කිසිවෙකු වැරදිකරු බවට තීන්දු කරනතුරු ඔහු හෝ ඇය නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ ප්‍රතිපාදන පවත්නා බවයි.

එම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාසයක කාලයකට විදේශතවීමට විත්තිකරුට අවසර ලබාදෙන බවත්, රු.ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ පවත්නා ගුවන් බලපත්‍රය නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p