අධ්‍යාපන ඇමතිගෙන් මාධ්‍යවේදීන් ගැන විශේෂ හෙළිදරව්වක්

September 26, 2016

දේශපාලන බලපෑම් මත ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී චක්‍රලේඛවලට පටහැනිව ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කරගත් සියලූම මාධ්‍යවේදීන්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට රජය තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කිරිමට නියමිතය.
මෙහිදි කොළඹ විශාඛා, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද යන විද්‍යාල 03 ට චක්‍රලේඛයන්ට පටහැනිව ඇතුළත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන් ගැන සඳහන් කිරිමට අපේක්ෂිතය.
වත්මන් රජය යටතේ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදි සුරංග සේනානායකගේ දියණිය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කළ බවට රජයට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලෙස මෙලෙස ඉකුත් රජය යටතේ දේශපාලන බලපෑම් මත ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන් ගැන හෙළිදරව් කිරිමට නියමිතය.
විශේෂයෙන්ම දේශපාලන බලපෑම් මත 2005 සිට මේ දක්වා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන්ගේ නාම ලේඛනයක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
එම තොරතුරු අද (26) සිටම සකස් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p