ලෝක ළමා දිනයේ දරුවන්ට වනජිවි ඇමතිනියගෙන් තෑග්ගක්

September 30, 2016

හෙට (ඔක්තොම්බර් 01) දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයට, පින්නවල සත්වෝද්‍යානයට, පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 12 න් පහළ සියළුම දරුවන් නොමිලේ ඇතුළු කිරීමට තීරණය කර තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි

ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් මෙම අවස්ථාව ලබාදී තිබෙන බවද සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

මීට අමතරව දරුවන් සඳහා විවිධ තරඟ සහ විනෝද ක්‍රිඩා රැසක්ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේනතුව මගින් දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය යන ස්ථානවල සංවිධානය කර ඇත.

බැලුම් සංදර්ශන, චිත්‍ර තරඟ, මැජික් සංදර්ශන, ඇතුළු තරඟ හා විනෝද ක්‍රිඩා රුසක්ද සත්වයින් කිහිපදෙනෙකුට නම්තැබීමද මෙහිදී සුදුකිරීමට නියමිතයි.

උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා දවස පුරා දරුවන් වෙනුවෙන් විවිධ තරඟ හා විනෝද ක්‍රිඩා සංවිධානය කර ඇති අතර මීට සහභාගීවන සියලුම දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p