උතුරේ මහ ඇමතිට එරෙහිව ආණ්ඩුව තානාපති සහය පතයි

September 30, 2016

උතුරු පළාත් මහ ඇමති සි. වී. විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙරට තානාපති ප්‍රජාව දැනුවත් කිරිමට රජය තීරණය කර තිබේ.


උතුරු පළාතේ ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදි පහසුකම් යළි ගොඩ නැංවීම සඳහා රජය විශාල කාර්යභාරයක් කරගෙන යද්දි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදින්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇත.
මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද සහභාගී කරවාගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට රජය ක්‍රියා කරද්දි උතුරු පළාත් මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
උතුරු පළාත් මහ ඇමති සි.වි. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය දකුණේ ජාතිවාදි කණ්ඩායමක අවශ්‍යතාවය අනුව බවට මෙතෙක් සොයාගත් වාර්තා සම්බන්ධයෙන්ද රජය තානාපති ප්‍රජාව දැනුම්වත් කරනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p