Local News

මැතිසබය කැඳවන ඉල්ලීම අගමැතිට යොමු කළා – කථානායක

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවූ ව්‍යසනය හා මහජන පීඩාවන්ට සහන දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කරන ලද බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ Read More

කුණු කන්ද මෙම ස්ථානයෙන් ඉවත් කරනවා ; අගමැති රනිල් මීතොටමුල්ලේ සිට කියයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේන් සිදුවූ විපත බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී සිදුවී ඇති විපත දැක අසරණ වූ ජනතාව සමඟ කතා කිරීමට කොළොන්නාව රාහුල විද්‍යාලයට පැමිණ ඔහුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ. එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.. අද අපි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව මූලික සාකච්ඡාව පැවැත්වුවා. Read More

මීතොටමුල්ල ඛේදවාචකය ගැන වියට්නාමය දුක් වෙයි

මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අදහස් දක්වමින් වියට්නාම් ජනාධිපතිවරයා සහ කොමියුනිස්ට් පක්‍ෂ Read More

මීතොටමුල්ල ඛේදවාචකය සිදුවුණේ මේ ආණ්ඩුවේ වරදින් – ඒකාබද්ධ කැඳවුම්කරු

මීතොටමුල්ලේ අසරණ ජනතාව මුහුණ දුන් ඛේදවාචකය සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ වරදින් බවත් එම සිදුවීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. කොළඹ කුණු ඉවත් කිරීමට ඉකුත් රජය සමයේ සැලසුම් කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වූයේ නම් මෙවැනි විපතක් සිදුනොවන බව පැවසූ රණතුංග මහතා Read More

නොරොච්චෝලේ කැඩුනට විදුලිය කපන්නේ නෑ – ඇමති සියඹලාපිටිය

නොරොච්චෝලේ බලාගාරයේ ඒක යන්ත්‍රයක් බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එමෙන්ම වැසි රහිත සමයේදී විදුලිබල නිෂ්පාදනයට වැඩි පිරිවැයක් වැය වුවද විදුලි බිල ඉහළ දැමීමටද ආණ්ඩුව සූදානම් නොමැති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් පැවසීය. විදුලිබල අමාත්‍යංශ මගීන් නිකුත් Read More

අනාගත අපේක්ෂාවන් දියුණු කර ගන්න වියට්නාමයේ පූර්ණ සහය දෙනවා – වියට්නාම් ජනාධිපති

ජාතික සංවර්ධනය සහ සංහිදියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩ පිළිවෙල අගය කරන බව පැවසූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළේ ය. Read More

වියට්නාම් රාජ්‍ය සභාව හා ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තර කරන්න විශේෂ වැඩපිළිවෙලක්

සමාජවාදී වියට්නාම ජනරජයේ ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තහවුරු කරලීම උදෙසා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට පියවර ගන්නා බව ජාතික රාජ්‍ය සභා සභාපතිනි ගුයෙන් ති කිම් ගන් (Nguyen Thi Kim Ngan) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන් හි දී තීරණය කෙරිණි. ති කිම් ගන් මහත්මිය සිය Read More

මීතොටමුල්ල විපතින් හානියට පත්වූවන්ට ජාතික රක්ෂණභාර අරමුදලෙන් වන්දි

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වා ද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ. මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකචිඡාවේදී ගනු ලැබූ Read More

ඉපැරණි මිත්‍ර සම්බන්ධතාවයට නව පරිච්ජේදයක් එක් වූ අවස්ථාවක් – වියට්නාම් අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම් සංචාරය හේතුවෙන්, දෙරටේ මිත්‍ර සම්බන්ධතාවන්ට නව පරිච්ජේදයක් එක් වූ බව සමාජවාදී වියට්නාම ජනරජයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා පැවසීය. 17 වන දා පෙරවරුවේ හැනෝයි නුවර ජනාධිපති මන්දිරයේ දී පැවති ශ්‍රී ලංකා – වියට්නාම් ද්ව්පාර්ශවික සාකච්ඡාවලින් පසුව මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍ය ෂුඑන් ෆු මහතා වැඩි දුරටත් පැවසූයේ Read More

අගමැති රනිල් වියට්නාම් සංචාරය අතරමඟ නවතා හෙට දිවයිනට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, වියට්නාම සංචාරය කඩිනමින් අවසන් කර, යළි හෙට (18) මෙරටට පැමිණීමට නියමිතව ඇත. වියට්නාම අගමැති ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතාගේ ආරාධනය පරිදි, සිව්දින නිල සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමය බලා පිටත් වූයේ ඉකුත් 16 දින ය. එහෙත් මීතොටමුල්ලේ සිදු වූ ව්‍යසනකාරී සිද්ධිය හේතුවෙන් අගමැතිවරයා සිය වියට්නාම සංචාරය කඩිනමින් අවසන් Read More

t

o

p