මැතිසබය කැඳවන ඉල්ලීම අගමැතිට යොමු කළා – කථානායක

April 19, 2017

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවූ ව්‍යසනය හා මහජන පීඩාවන්ට සහන දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කරන ලද බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ අගමැතිවරයාට බැවින් තමන් මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ බවද කථානායකවරයා දැනුම් දී ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත කථානායකවරයා මේ බව දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත තම කණ්ඩායමද පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඉල්ලීම් කර ලිපියක් භාර දුන් බවත් ඒ පිළිබඳව නැවත අගමැති වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතාද මෙහිදී සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ මැයි 3 දාය. මේ නිසා ඒකාබද්ධ විපක්ෂය ඉල්ලන්නේ ලබන සතියේ මෙය හදිසියේ කැඳවන ලෙසය.

t

o

p