මීතොටමුල්ල ඛේදවාචකය ගැන පාර්ලිමේන්තුවේ විවාදයට අගමැතිගෙන් අවසර

April 20, 2017

මීතොටමුල්ල කසල කන්ද නාය යෑමේ සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) තීරණය කර තිබේ.
අගමැතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය, කථානායක කරු ජයසූරිය මහතාට ද අද (20) දිනයේ ම දැනුම් දී ඇත.
ජීවිත 30ට වැඩි සංඛ්‍යාවක් අහිමි කරමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.
වියට්නාම සංචාරය නිමකර පෙරේදා (19) දිවයිනට පැමිණි අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමෙන් අනතුරුව අදාළ විවාදය ලබා දීමට පියවර ගෙන ඇත.

t

o

p