එජාප මැයි දින ජාතික මෙහෙයුම් කමිටුව අගමැති ප්‍රධානත්වයෙන්

April 23, 2017

එක්සත් ජාතික පක්ෂ මැයි දින ජාතික මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය නිමකර පැමිණිමෙන් පසුව රැස්වේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය දිනන ජනතාවගේ මැයි රැළිය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදි පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර පවතියි.
එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින රැළියට එක්විම සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයක් කැමැත්ත පළ කර ඇති බවත් ඔවුන් සහභාගී කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි පසු තීරණය කරනා බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
කොළඹ නගරයේ පැවැත්වෙන වඩිම ජන සහභාගීත්වයකින් යුතු මැයි රැළිය එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

t

o

p