Local News

දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකාර කැවුමාගේ පෙම්වතියගේ විස්තර සොයයි

ශානි පොල්ගම්පොල දියමන්ති කොල්ලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ පෙම්වතිය සොයා ගැනිමට පොලිසිය මහජන සහාය අපෙක්ෂා කරයි. මොරටුව, කටුබැද්ද,ජනතා පෙදෙස, අංක 01 ලිපිනයේ පදිංචි මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි (47) යන කාන්තාව  අත්අඩංගුවට ගැනිමට පොලිසිය සොයනු ලැබේ. කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වි ඇති මැය පිලිබඳ තොරතුරක් වේ Read More

පිළියන්දල වෙඩි තැබිමකින් දෙදෙනෙකු මිය යයි අයෙකුට බරපතලයි.

ශානි පොල්ගම්පොල මොරටුමුල්ල -පිලියන්දල  මාර්ගයේ නිවසක් ඉදිරිපිටදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අද (14)  උදෑසන 10.30 ට පමණ මෙම වෙඩි තැබිම වි ඇත. මෙහිදි මිය ගොස් ඇත්තේ බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුතාගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.තුවාල ලබා ඇත්තේ බස් රථ හිමිකරුගේ පුතාය. පතොරොම් තුවක්කුවකින් මෙම Read More

ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට ස්වාධිනත්වය හා සෛවරීභාවය නැති කරන්න ඉඩ නැහැ

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බවත් මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට  අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදි අද (14)  ප්‍රකාශ කළේය. අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර  නියෝග 27/2 යටතේ,ජිනීවා මනව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් Read More

මානව හිමිකම් මුවාවෙන් අධිකරණ පද්ධතියට කරන විදේශ මැදිහත්විම නතර කරන්න

මානව හිමිකම් මුවාවෙන්  ශ්‍රීලංකාවේ අධිකරණ  පද්ධතියට කිරිමට යන විදේශිය මැදිහත්විම නතර කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (14) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කළේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය 2019 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වේ. Read More

බොරැල්ල OIC අනතුරට ලක් කර පලා යාම රටටම කැලලක් – අගමැති

  බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රියඅනතුරකට ලක්කර පලායාමේ සිදුවීම  මුළු  රටටම කැලලක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(13දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වගකිවයුතු පුද්ගලයින්, සමාජයේ තත්ත්වයක් ඇති පුද්ගලයින් මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත්  තරාතිරම නොබලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. බොරැල්ල සිද්ධයේදී මම කවුරුවත් ඇතුලට Read More

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින අර්බුදය උග්‍රවෙලා මෙයට විසදුම මහමැතිවරණයයි

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර අර්බුදය උග්‍රවී ඇති බැවින් මහ මැතිවරණයකට යාම එයට පවතින සුදුසුම විසදුම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. අයවැය කාරකසභා විවාද ආරම්භකරමින් ඊයේ(13දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේසේද කීවේය. දැන් ජනාධිපතිවරයයි ආණ්ඩුවයි අතර ගැටීමක් තිබෙනවා. ආණ්ඩුවේ විවිධ පාර්ශව අතරත් ගැටුම් තිබෙනවා. මෙහෙම ඉදිරියටයන්න පුළුවන්ද. අර්බුදය Read More

ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ජිනිවා යාමෙන් රට හෑල්ලු වෙනවා

  ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආණ්ඩුවේ ඇමතිවරයකු පැහැදිලි ප්‍රකාශයක් කිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය. අයවැය කාරකසභා අවස්ථා විවාදයට සහභාගීවෙමින් මන්ත්‍රීරවයා අද (13දා) පාර්ලිමේන්තුවේදී මේබව පැවසීය. ශ්‍රීලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගී වී  පරස්පර අදහස් දැක්වීමෙන් රට හෑල්ලුවීමක් සිදුවන බවත් එබැවින් අමාත්‍යවරයකු එම ප්‍රකාශය සිදුකිරීම වැදගත් බවද හෙතෙම සඳහන් Read More

ජනාධිපති ව්‍යවස්ථාව කඩල ගොට්ටක් ඔතන කඩදාසියකට තිබෙන ගෞරවයවත් දිලා නැහැ – අනුර කුමාර

  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංගනය කරමින් කඩල ගොට්ටක් ඔතා තිබෙන කඩදාසියක තරමටවත් ගෞරවයක් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය. අය වැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් අද 13දා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මහතා මේබව කීවේය. ජනාධිපතිවරයාට එරෙහි චෝදනා රැසක් තිබුණ ද ඒ කිසිවකට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ Read More

කෝටි 500 දියමන්ති කොල්ලයට සම්බන්ධ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි

ශානි පොල්ගම්පොල රුපියල් කෝටි 500 දියමන්ති කොල්ලයට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වු පැගිරිවත්තේ සුද්දා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අද (13) දෙල්කඳදි අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල,පැගිරිවත්ත පාර පදිංචි චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දාය.(40) මොහු දියමන්ති කොල්ලයේදි  වෙඩි කන්දේ කසුන්ව මොටර් රථයෙන් රැගෙන යාම සිදු කර ඇති බව පොලිසිය Read More

දෙවෙනි විශේෂ මහාධිකරණය හෙට අලුත් කඩේ මහාධිකරණ පරිශ්‍රෙය්දි විවෘත කෙරේ

ශානි පොල්ගම්පොල මෙරට දෙවන විශේෂ මහාධිකරණය හෙට (14) විවෘත කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඉකුත් කාලයේ සිදු වු බරපතල මුල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණ තුනක් ස්ථාපිත කිරිමට රජය කටයුතු කලේය. එහි පළමු විශේෂ මහාධිකරණය ඉකුත් වසරේදි විවෘත කෙරුණි. කොළඹ 12,අලුත්කඩේ, මහධිකරණ සංකිර්ණ පරිශ්‍රයේ එහි දෙවන විශේෂ අධිකරණය අධිකරණ Read More

t

o

p