පිළියන්දල වෙඩි තැබිමකින් දෙදෙනෙකු මිය යයි අයෙකුට බරපතලයි.

March 14, 2019

ශානි පොල්ගම්පොල

මොරටුමුල්ල -පිලියන්දල  මාර්ගයේ නිවසක් ඉදිරිපිටදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අද (14)  උදෑසන 10.30 ට පමණ මෙම වෙඩි තැබිම වි ඇත.

මෙහිදි මිය ගොස් ඇත්තේ බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුතාගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.තුවාල ලබා ඇත්තේ බස් රථ හිමිකරුගේ පුතාය.

පතොරොම් තුවක්කුවකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර පුද්ගලික ආරවුලක් මිට හේතු වි ඇති බව මුලික පොලිස් විමර්ශන වලදි හෙලිව තිබේ.වෙඩි තැබිමට පැමිණි එක් පුද්ගලයෙකු හදුනාගෙන ඇත් අතර මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p