මින්නේරිය ප්‍රාථමික විදුහලෙන් දරුවන් දෙදෙනකු ආසියානු යොවුන් චෙස් තරඟාවලියට  

March 14, 2019

ශානි පොල්ගම්පොල

2019 ආසියානු යොවුන් චෙස් ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිගුරක්ගොඩ, මින්නේරිය ප්‍රාථමික විදුහලේ 3 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන රවීජා අරුන්දි බැමිණිවත්ත ශිෂ්‍යාව සහ චමත් විදිත ජයලත් යන ශිෂ්‍යයා  සුදුසුකම් ලබා ඇති අතර,  මෙවර එම තරඟාවලිය එළඹෙන අප්‍රේල් මාසයේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පැවැත්විමට නියමිතව ඇත.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩා තරඟවලට සම්බන්ධවි ජයග්‍රහණය ලබා ඇති ‍ මෙම සිසුන් දෙදෙනා  මෙවර  ආසියානු යොවුන් චෙස් ශූරතාවය සඳහා සහභාගිවි  විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබා ගෙන ශ්‍රී ලංකාවට මෙන්ම සිය විද්‍යාලයට කිර්තීයක් අත්කර දීමට බලාපොරෝත්තුවෙන් සිටි. තවද, චෙස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවිණ උපදේශකයන් වන රජිව් තිලකරත්න, සජිත් තිලකරත්න හා උදයංගනී එදිරිසිංහ යන ගුරුවරුන් යටතේ මෙම සිසුන් දෙදෙනා පුහුණුව ලබමින් සිටි.

t

o

p