දෙවෙනි විශේෂ මහාධිකරණය හෙට අලුත් කඩේ මහාධිකරණ පරිශ්‍රෙය්දි විවෘත කෙරේ

March 13, 2019

ශානි පොල්ගම්පොල

මෙරට දෙවන විශේෂ මහාධිකරණය හෙට (14) විවෘත කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඉකුත් කාලයේ සිදු වු බරපතල මුල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණ තුනක් ස්ථාපිත කිරිමට රජය කටයුතු කලේය. එහි පළමු විශේෂ මහාධිකරණය ඉකුත් වසරේදි විවෘත කෙරුණි.

කොළඹ 12,අලුත්කඩේ, මහධිකරණ සංකිර්ණ පරිශ්‍රයේ එහි දෙවන විශේෂ අධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ.

t

o

p