පෝසත් බබාලා රජයට අදායම් බදු ගෙව්වා කියලා පාඩුවක් වන්නේ නැහැ – මුදල් ඇමති

March 13, 2019

ළමා ඉතුරුම් ගිණුම්වල පොළිය සඳහා බදු අයකිරීම් අදාළ වන්නේ මාසික පොළිය රුපියල් 5,000 ක් හෝ ඊට වැඩිනම් පමණක් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

එසේ පොළියක් ලැබීමට නම් අවම වශයෙන් ළමා ගිණුමක රුපියල් ලක්ෂ 12 ක තැන්පතු මුදලක් තිබිය යුතු බව යැයිද  මංගල සමරවීර මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර‍, එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ “පෝසත් බබාලා“ වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බවයි.

“තමන්ගේ දරුවාගේ ගිණුමට පොළිය හැටියට රුපියල් 5,000 ක් හෝ 5,000ට වැඩියෙන් ලැබෙනවා නම් තමයි මේ  5%ක් පොළිය අයකරන්නේ.

“නමුත් රුපියල් 5,000 ක මාසික පොළියක් ලැබෙන්න නම්, ඒ පුංචි බාබාට අවම වශයෙන් රුපියල් ලක්ෂ 12 ක් තියෙන්න ඕනේ බැංකු පොතේ. මම හිතන්නේ ලක්ෂ 12 ක් බැංකු පොතේ තියෙනවා නම් ඒ 5,000 න් 5% ක් ගන්න එක වරදක් නැහැ.“

“මොකද පෝසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න.“ යැයි මංගල සමරවීර මහතා කීවේය.

t

o

p