කෝටි 500 දියමන්ති කොල්ලයට සම්බන්ධ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි

March 13, 2019

ශානි පොල්ගම්පොල

රුපියල් කෝටි 500 දියමන්ති කොල්ලයට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වු පැගිරිවත්තේ සුද්දා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අද (13) දෙල්කඳදි අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල,පැගිරිවත්ත පාර පදිංචි චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දාය.(40)

මොහු දියමන්ති කොල්ලයේදි  වෙඩි කන්දේ කසුන්ව මොටර් රථයෙන් රැගෙන යාම සිදු කර ඇති බව පොලිසිය පවසයි.එමෙන්ම මඳුෂ්ගේ පියාගේ අවමංගලයේදිද මොහු සංවිධාන කටයුතු වල නිරතව ඇති බව පැවසේ.

දියමන්ති කොල්ලය සඳහා යොදා ගත් මොටර් රථය පිලියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

t

o

p