Local News

පුද්ගලික බස් සේවකයින් වර්ජනයක. වර්ජනයට මගී සංගම් විරෝධය

පෞද්ගලික බස් රථ සේවකයින් අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රුපියල් 25,000 දඩ මුදලට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය සදහන් කළේය. එහි ප‍්‍රධාන ලේකම් කුමාරරත්න රේණුක කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය මංතීරු 04ක් සහිතව දියුණු Read More

මාතර – බෙලිඅත්ත දුම්රිය මග ජනතා අයිතියට පත් කරයි

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීම අද (08) මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දුම්රිය ස්ථානයේ දී විවෘත කෙරිණි. අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම මාර්ගයේ මංගල මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරමින් බෙලිඅත්ත දක්වා ඇති සියලු ම දුම්රිය ස්ථානය විවෘත කිරීම සිදු කළහ. අර්ජුන රණතුංග, දිලිප් වෙදආරච්චි, අශෝක් අබේසිංහ, Read More

අපරාධ නීතිය යටතේ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගෙනි යන්නේ නැහැ

ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න යැයි ඇමති තලතා අතුකෝරළ පවසයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත Read More

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 99.226 ක් පීඩාවට

දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 14කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 99,226කට අයත් පුද්ගලයින් 4,07,672 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ඌව පළාතට හැර දිවයිනේ සෙසු සියලූ පළාත්වලට මෙහි බලපෑම එල්ල වී තිබේ. කෑගල්ල, අම්පාර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, මාතලේ, මහනුවර, මාතර, ගම්පහ, කළුතර, පොළොන්නරුව Read More

අවුරුදු සමයේ බීමත් රියදුරන් පරික්ෂාවට පොලිසීයේ 8000 ක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ වන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුමක් කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක්  මෙරට ගෙන්වා ඇති බවත් අද (9) දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද Read More

ශ්‍රිලනිපය හා එහි නාකත්වය විශ්වාස කළ‍ නොහැකියි, සාකච්ඡා සලකා බැලිය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දේනනේ  අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්‍රීලනිපය නැවතත් මේ Read More

අප්‍රේල් 10 දා ඉදලා විදුලි අර්බුදයට ජනතාවට මුහුණ දෙන්න ඉඩතියන්නේ නැහැ

“ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන්  මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ  10 දා දලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන්  ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් Read More

අය වැය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි සභා සම්මතවේ

විසර්ජන පනත හෙවල් 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සභා සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර අය වැයට විපක්ෂව ඡන්ද 74 ක්ද ලැබුණි. මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් අය වැය ලේඛනය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දින 25 ක් පුරා විවාදය පැවැත්විනි. Read More

ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය  හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී. සාම්පුර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුරආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය. ගරුතර මහා Read More

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව සභාපති ලෝකයේ හොදම තරුණ විද්‍යාඥයා

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්,  ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.  මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන  හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ  හොඳම  තරුණ  විද්‍යාඥයාට  හිමි  සම්මානය  දිනා ගැනීමට  සමත් විය.  වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින Read More

t

o

p