අවුරුදු සමයේ බීමත් රියදුරන් පරික්ෂාවට පොලිසීයේ 8000 ක්

April 9, 2019

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ වන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුමක් කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක්  මෙරට ගෙන්වා ඇති බවත් අද (9) දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ අවුරුදු සමයේ 10 වැනි දින සිට 20 වැනි දින දක්වා  දින දහයක කාලය තුළ සිදු වු රිය අනතුරු වලින්  පුද්ගලයන් 135 දෙනෙක් මියගොස්  තවත් 750 දෙනෙක් තුවාල ලබා සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

යම් කිසි පුද්ගලයකු අවුරුදු සමයේ සාදයකට ගොස් මත්පැන් පානය කරන්නේනම් ඔහු  රථ වාහන ධාවනයෙන් වැළකි යුතු බවද පොලිසිය දන්වා සිටියි.

ඒ සඳහා රියදුරකු රැගනෙ යායුතු බවත්,   වෙන් කිසියකු රැගෙන යාමට පුද්ගලයකු  සිටීනම්  බීමතින් රථ ධාවන  නොකර පොදු  ප‍්‍රවාහයක් හො කුලී රථයක් භාවිතා කරන ලෙසට ද පොලසිය ඉල්ලා සිටියි.

මෙමගින් බීමතින් රථ ධානයෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැකි බවද  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය.

t

o

p