අපරාධ නීතිය යටතේ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගෙනි යන්නේ නැහැ

April 9, 2019

ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න යැයි ඇමති තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල සුමන නායක ස්වාමීන් වහන්සේ වෙත දිසා පාලක ධූර අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් (07) දා එම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අපි හදවතින්ම බෞද්ධ ධර්මයේ යහපත වෙනුවෙන් වැඩ කරන උදවිය.මේ සත් මහල් ගොඩනැගිල්ල ඔබ වහන්සේ ගොඩ නගලා තියෙන්නේ මේ දහම් පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් .ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ නමක් ඇගයීමට ලක් කිරීම පිළිබදව මම සතුටු වෙනවා.රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලා විශාල වැඩ කොටසක් විනය ගරුකව සිදු කරනවා.හැබැයි අර ඇමතිතුමා කිවුවා වගේ අපි නිකායකට වෙන් වෙලා වැඩ කරන්නේ නැහැ.අපේ නිකාය බෞද්ධ නිකාය.අපි නොදැක්කාට ඉතා විශාල මෙහෙවරක් නිහඩව කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා.අපි කථා කරන ධර්මය අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන.අපිට බුදු රජාණන් වහන්සේ දේශනා කළ පන්සිල් පද පහ අනුව ජීවත් වෙන්න ඕන.පන්සිල් ආරක්ෂා කරන්න ඕන නම්  අපේ සෝභිත හාමුදුරුවෝ කිවුවා වගේ සංඝාධිකරණ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ හැටියට ඒ නිකාය තුළ ඇති වෙන යම් කිසි දේවල් තියෙනවා නම් ඒවා විසදන්න හැකියාවක් ඒ හැම නිකායක් තුළම ඒ ක්‍රමවේදය ඇති කර ගෙන තියෙනවා.මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ.

අපි ඒවාට මුහුණදීලා තියෙනවා.මට ගොඩාක් විස්තර කියන්න පුළුවන්. බන්ධනාගාරයත් මම බාරව ඉන්න නිසා .අපි ඇයි සංඝාධිකරණයකට යන්න වෙන්නේ මොන වගේ තැනකට ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.මම දිවුරුම් දීලා මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවේදී මගෙන් ඉල්ලීමක් කලා සංඝාධිකරණය කෙසේ වෙතත් දිනයක් වෙනම වෙන් කරන්න ස්වාමීන් වහන්සේලාට උසාවියට යන්න කියලා .ඒ අනුව අපි පළාත් දෙකක වයඹත් මධ්‍යමත් දිසා අධිකරණවල එක දවසක් වෙන් කරලා තියෙනවා.රත්නපුරේත් ඒක හෙට අනිද්දාම වෙයි.අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න.ඒ විනය ඇති කිරීම මේ සියලුම නිකායන්වල මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විසින් බොහොම හොදට ඇති කරලා තියෙනවා .මම මේ ටික කිවුවේ බුද්ධ ශාසන ඇමතිතුමා මට භාර දුන්නා මෙතනදීම අපේ හාමුදුරුවනේ මේ සංඝාධිකරණය පිහිටුවන්න.අපි කණගාටු වෙන්න ඕන එහෙම තැනකට පත් වුණොත් යැයි ද අමාත්‍යවරිය මෙහිදී තවදුරටත් සදහන් කළාය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පුජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ, අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ,අති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ, අති පුජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අති පුජ්‍ය මහා සංඝරත්නය ,බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ඒ.ඒ.විජේතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක් විය.

t

o

p