පුද්ගලික බස් සේවකයින් වර්ජනයක. වර්ජනයට මගී සංගම් විරෝධය

April 9, 2019

පෞද්ගලික බස් රථ සේවකයින් අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රුපියල් 25,000 දඩ මුදලට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය සදහන් කළේය.

එහි ප‍්‍රධාන ලේකම් කුමාරරත්න රේණුක කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය මංතීරු 04ක් සහිතව දියුණු කර තාක්ෂණික පහසුකම් ලබා දී රියදුරන් සිදුකරන වැරදි හඳුනාගෙන දඬුවම් කිරීම සුදුසු බවයි. එහිදී දඩ මුදල් වැඩි කිරීමේදී කිසිඳු විරෝධයක් නොදක්වන බවද ඔහු සඳහන් කළේය. සමස්ථ රියදුරන්ටම දිනකට රුපියල් 1500ක වැටුපක් ගෙන 25000ක දඩයක් ගෙවීමට හැකියාවක් නොමැති බවත් ලේකම් වරයා පෙන්වා දුන්නේය. මේ නිසා ඊට විරෝධය පළ කරමින් මෙම එක්දින සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ තමන් මෙම වර්ජනය පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කරයි.

t

o

p