අය වැය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි සභා සම්මතවේ

April 5, 2019

විසර්ජන පනත හෙවල් 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සභා සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර අය වැයට විපක්ෂව ඡන්ද 74 ක්ද ලැබුණි. මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් අය වැය ලේඛනය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දින 25 ක් පුරා විවාදය පැවැත්විනි.

විවාදය අවසානයේ අයවැට ඡන්ද විමසිමක් අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසිම පැවැත්විනි.

ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්දය විමසු අතර අය වැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ මෙන්ම ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනා හා දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේය.

අය වැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඡන්දය ප්‍රකාශ කළේය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

අය වැය විවාදයෙන් පසු පරාජයට පත්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන සහ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශයන්හි පරිපූරක අැස්තමේන්තුද ඡන්දය විමසිමට ඉදිරිපත් කරන ලදි. එම පරිපූරක ඇස්තමේන්තුද වැඩි ඡන්දයෙන් සම්මත විය.

t

o

p