Local News

කොළඹට අද විශේෂ රථ වාහන සැලැස්මක්

බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව පැවැත්වීම හේතුවෙන්.ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. බෝරා ප්‍රජාවගේ බම්බලපිටියේ ඇති දේවස්ථානයේ සහ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව හෙට සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව Read More

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්ව ඇත. 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා Read More

විදේශීය දුම්වැටි ‌තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, කොළඹ වරාය නගර පිවිසුම අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි. අදාළ දුම්වැටි තොගය සමඟ 43 හැවිරිද මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි, නාවික හමුදාව සඳහන් කළේ. ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ Read More

ඉන්දියාවට නින්දා සහගත පරාජයක්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලකුණු 13කින් පරාජය කර තරග 05කින් යුත් විස්සයි20 තරගාවලියට පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06දා) සමත් විය. ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් මෙම තරගය හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. නිමාවූ විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකළ සමස්ත ඉන්දීය සංචිතයම මෙම තරගාවලියෙන් විවේකගන්වා සිටි අතර, ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම මෙහෙවනු ලැබුවේ ශුබ්මන් ගිල් Read More

චමරි අතපත්තුට උපහාර පිදීමේ උත්සවයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවියට උපහාර පිදීමේ උත්වයක් ඇය අධ්‍යාපනය ලැබු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්විණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර (2008 දි මියගොස් ඇත) සහ ඩී.බී. චන්ද්‍රා ජයවර්ධන(සේමසිංහ)දෙපලටදාව උපන් චමරි සිය මූලික අධාපනයසදහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුලත් වී,පස්වන පංතියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සදහාඉබ්බාගමුව මධ්‍ය මහා Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන‍්ට මාස දෙකක වැටුප්

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත Read More

ශ්‍රීමත් කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නම් කෙරේ

කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ. බකිංහැම් මාළිගයේ රාජකීය සඳලු තලයේදී එය ප්‍රකාශයට පත් කළේ ය.ඒ චාල්ස් රජු විසිනි. හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනක්, බකිංහැම් මාළිගයට පැමිණ, සිය ඉල්ලා අස්වීම චාල්ස් රජුට නිල වශයෙන් භාරදීමෙන් පසු, නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කෙරිණි. පාර්ලිමේන්තු ආසන 650න් ආසන 326 ක් දිනා ගනිමිනි.කන්සර්වටිව් Read More

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය 2024 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Read More

සා පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා ය. සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය Read More

යුක්තිය 2වන අදියර ආරම්භ කරමින් 1403 දෙනෙක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ 2වන අදියර ඊයේ (04) ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරුවන් 1,403 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉන් 63 දෙනෙකු සැකකාරියන් ය. ඒ අනුව සැකකරුවන් 57 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 86ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 782.7ක්, ගංජා කිලෝග්‍රෑම් 3.74ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

t

o

p