චමරි අතපත්තුට උපහාර පිදීමේ උත්සවයක්

July 6, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවියට උපහාර පිදීමේ උත්වයක් ඇය අධ්‍යාපනය ලැබු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්විණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර (2008 දි මියගොස් ඇත) සහ ඩී.බී. චන්ද්‍රා ජයවර්ධන(සේමසිංහ)දෙපලටදාව උපන් චමරි සිය මූලික අධාපනයසදහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුලත් වී,පස්වන පංතියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සදහාඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වී තිබෙනවා.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය සිසු දරු දුරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර උළෙල සන්විධානය කර තිබූ අතර, රථ පෙරහරකින් කුරුණෑගල සිට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා කැදවාගෙන එනු ලැබුවේ මාර්ගය අවට රැස්ව සිටි ජනතා ඔල්වරසන්මධ්‍යයේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පුද්ගලික ලේකම්ව සිටි යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටින ලදි.

එහිදි අදහස් දැක්වූ සුදත් චන්ද්‍රසේකර මහතා

“අද අපට විශේෂිත වූ දිනයක්, ශ්‍රී ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය අපේ කාන්තා ක්‍රිකට් රැජින නැතහොත් එම ක්‍රිකට් තරුවට ශ්‍රී ලාංකික අප සැමගේ ප්‍රණාමය පුද කර සිටන මෙම දිනය අප ජාතියටම වැදගත් දිනයක් කොට මා සලකනවා.”

අපට බැරිවුනාට ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාංගනයප්‍රේක්ෂකාගාරයක් චමරිගේ නමින් නම් කිරීම අපට ආඩම්බරයක්.

මෙවැනි බැබලිය යුතු තරු දස දහස් ගණනක් කැලයේ පිපී පරව යන මල් ලෙස පරව ගොස් ඈති.

වාසනාවකට මෙන් චමිරිගේ හැකියාව මෙම විදුහලේ එවකට සිටි පුහුණුකරු විසින් හදුනා ගෙන ඇයවනිසිලෙස පුහුණු කිරීමේ මුල් අඩිතාලම දමන්නට ඈති. එතුමා ප්‍රමුඛ එම කාර්යයට මුල් වූ සියඵම දෙනාටත් අපගේ උපහාරය පිරි නැමීම අපගේ යුතුකමක් කොට මා සලකනවා.

ගරු සභාපති ශම්මි සිල්වා මැතිතුමණි, ඔබ ආයතනය විසින් ආරම්භ කර ඇති “ගමට ක්‍රිකට්” වැඩ සටහන යටතේ ගමේ පිපෙන මල් කැකුඵඅයාලේ පරවී යැමට ඉඩ නොදි රටට දායදා කිරීමේ මහගු කාර්යය තව තවත් පුඵල් කරණ ලෙසට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ප්‍රශ්නයහරිආකාරවහදුනාගෙන අයවැය මගින් රුපියල් බිලියන 1.5 ක මුදලක් පාසැල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරණ අප සැමගේ ප්‍රශංසාවට ලක් විය යුතු කරුණක් ලෙස මම දකිනවා.

පසුගිය සමයේ ඇති වූ කොරෝනාවසන්ගතයත්, ඉන් පසුව ඇති ආර්ථික අර්බුදයත් නිසා ක්‍රිකට් ඇතුඵසියඵමක්‍රීඩාවන් කඩා වැටුනා. ඒ අවුරුදු හතරක පමණ කාලය තුලදිබිහිවියයුතුව තිබූ ක්‍රීඩකයිනගේහිඩසක් අද ඇතිවෙලා තිබෙනවා. එයත් වර්තමානයේ ක්‍රීඩාවට තදින් බලපාන කරුණක් බව සිහිපත් කල යුතුයි.

ඊටත් වඩා හිටපු ක්‍රීඩා අමත්‍යවරයෙක් සම්පූර්ණ ක්‍රීඩාවම තම දේශපාලන බල පුඵවන්කාර කමින් විනාශ කරලා දැම්මා. මම ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශවරයා ලෙස වගකීමෙන් මෙම ප්‍රකාශය සිදු කරන්නේ.

රටේ වැඩිපුර මුදල් ගැවසෙන ක්‍රිකට්, පාපන්දු සහ රගර් ක්‍රීඩා සංගම්වලට බල පේරේතයින්ගේ ඇල්ම බැල්ම වැඩි වෙලා තම හිතවතුන්ට මේවා භාර දෙන්න උත්සාහ කිරීම නිසා මෙම ක්‍රීඩාන්සදහා ජාත්‍යන්තර තහනම් පැනවීමට එම ජාත්‍යන්තර මව් සංගම් වලට සිදුවුනා. ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර අමාත්‍යංශය නිසිලෙස නියාමනය සහ ප්‍රගතිය සොයා බැලිම කල යුතුයි කියලා මම විශ්වාස කරනවා

ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා යෝජනා කර ඇති ක්‍රීඩා අධිකාරිය ඉතා වැදගත් පියවරක් වේවි.

ක්‍රීඩාවෙන් අපට උගන්වන මූලික හරය තමයි නායකත්වය, කණ්ඩායම් හැගීම, ඉක්මන් තීරණ ගැනීම සහ ජය පරාජය සමව විදදරා ගැනීම. මම හිතන්නේ නැහැ විපක්ෂයේ දේශපාකයින්කීප දෙනෙක් මෙය හරි හැටි අවබෝධ කරගෙන කටයුතු කරනවා කියලා.නොඑසේ නම් තම පුද්ගලික වාසියට එහෙම කරනවාද කියලා.

ක්‍රිකට් තරගයක් පරාජය වෙන කොට සතුටුවෙන මල පෙරේතයෝ දෙන්නෙකුත් ඉන්නවා.

කණ්ඩායම ජයග්‍රහණය කලහම සද්ධනැතුව දුක්වෙවි ඉන්නවා.

පැරදුන ගමන් මාධ්‍ය ඉදිරියේ මයක්ටයිසන්ලා වෙනවා. එක්කෙනෙක් ඇඹිලිපිටිය පැත්තේ, පොලිසියේ ආර්.එස්.අයි. කෙනෙක් විදියට ඉදලානිධන් හාරලා අහුවෙලා, ඊට පස්සේ විදේශිකයෙකුගේ හෝටලයක වැඩ කරලා මිනිහටත් පොල්ල තියලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් මංගල සමරවීර මැතිතුමාගෙන් දින 52 ආණ්ඩුවේදීඑතනෝල් බලපත්‍රයක් ඇතුඵබාර්ලයිසන්අරගෙනඒවායිනුත් නීති විරෝධි වැඩ කරපු හොර ජාවාරම්කාරයෙක්.

ඉතින් මේ වගේ අය තමයි අනාගත ක්‍රීඩා ඇමතිකම් ගන්න බලන්ඉන්න සිහින ක්‍රීඩා ඇමතිවරු. මේ සිහින කුමාරයින්ගේ සිහින සැබැ වුනොත් රටටම අබ සරණයි.

අප සියඵදෙනාමකැමයිති ක්‍රීඩාවෙන් හෝ වෙනත් යම් දෙයකින් රට නියෝජනය කරලා ජයග්‍රහණය කරලා කවුරු හෝ රටට කීර්තියක් ගෙන එනවා නම්. ඒ කටයුත්ත චමරි තම කණ්ඩායම සමග අප ජාතිය වෙනුවෙන් නිසි ලෙස ඉටුකල නිසා තමයි අද අපට සතුටු දවසක් වුනේ.

එකම පරිපාලනයක් යටතේ තිබෙන කාන්තා කණ්ඩායම ඉදිරියට යන විටදිපිරිම කණ්ඩායම ඉදිරියට නොයන්නේ ජයග්‍රහණය නොකරන්නේ කුමක් නිසාද යන ගැටඵව අපට තිබෙනවා. වර්තමාන නායකයාගේ සහ සමහර ක්‍රීඩකයින්ගේ හැසිරීම් සම්බන්ධයෙන්ද සමාජ විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා. ගරු සභාපති ශම්මි සිල්වා මහතාගේ අවධානය ඒ සදහා යොමුකරණ මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් ඉදිරියේදි පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අප ශ්‍රී ලංකා මාතාවට එම කුසලානයහිමිකර දීම සදහාචමිරි අතපත්තු ඇතුඵ එම කණ්ඩායමට ශක්තිය, ධෛර්යය, වාසනාව සහ සියඵ දෙව් රැකවරණ ලැබේවා කියා මම ප්‍රාර්ථනය කරමි.

t

o

p