ඉන්දියාවට නින්දා සහගත පරාජයක්

July 6, 2024

ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලකුණු 13කින් පරාජය කර තරග 05කින් යුත් විස්සයි20 තරගාවලියට පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06දා) සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් මෙම තරගය හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නිමාවූ විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකළ සමස්ත ඉන්දීය සංචිතයම මෙම තරගාවලියෙන් විවේකගන්වා සිටි අතර, ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම මෙහෙවනු ලැබුවේ ශුබ්මන් ගිල් විසින්.

ඔහු කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කරනලදි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය.

සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීම සඳහා ක්ලිව් මඩන්දේ නොදැවී ලකුණු 29ක් හා ඩියොන් මේයර්ස් ලකුණු 23ක් රැස් කරනලදි.

ඉන්දියාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ දඟපන්දු යවන රවි බිෂ්නෝනි කඩුලු 04ක් දවාගත් අතර, ඒ වෙනුවෙන් ඔහු ලබාදුන්නේ ලකුණු 13ක් පමණි.

කෙසේ නමුත් ලකුණු 116ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 102ක් පමණි.

t

o

p