විදේශීය දුම්වැටි ‌තොගයක් නාවික හමුදා භාරයට

July 6, 2024

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ, කොළඹ වරාය නගර පිවිසුම අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

අදාළ දුම්වැටි තොගය සමඟ 43 හැවිරිද මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි, නාවික හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව අද (06) කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබුනි.

එහි දී සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරික්ෂාවට ලක් කළ බව සඳහන්.

අදාළ පරීක්ෂා කිරිමේ දී මෙම දුම්වැටි තොගය සොයාගත් බවයි නාවික හමුදාව නිවේදනය කරයි.

සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

t

o

p