විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන‍්ට මාස දෙකක වැටුප්

July 6, 2024

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඔහු ඉල්ලා සිටියි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

t

o

p