Local News

රටේම දුෂණ හොයන පාදෙණියගේ දුෂණ හොයන්නයි සෞඛ්‍ය අැමතිට ඉල්ලීමක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පිළිබදව ලැබි ඇති තොරතුරු අනුව සිදු කර ඇතැයි පැවසෙන අක්‍රමිකතා ,වංචා සහ දුෂණ පිළිබදව වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ඇතුලු සාමාජිකයින් විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යංශයේ දි ඊයේ  (28) දින භාර දෙන ලදි. Read More

ජෝන් අමරතුංග මැතිතුමාට පක්ෂය වෙනුවෙන් හොද විනයක් තිබෙනවා – අගමැති

ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2019.02.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව. ජෝන් අමරතුංග ඇමතිතුමාත්, මමත් දේශපාලනයට පැමිණියේ එකම කාලයකදීයි. 1970 වසරේ එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පක්ෂ නායකත්වය යටතේ පෝල් පෙරේරා මහතා සමඟ නීතීඥ සංගමය සංවිධානය කිරීම Read More

රජයේ දීප ව්‍යාප්ත නිලධාරින්ගේ උසස්විමේ ගැටලුවට රජයෙන් විසදුම්

රජයේ දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන් මුහුණ පා ඇති උසස්වීමේ ගැටලු නිරාකරණය කොට නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කොට ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ සංදේශයක් ලෙසට 2019 පෙබරවාරි 26 වන දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු Read More

මෙරටදි ඇල්ලු ලොකුම කුඩු තොගය ගෙනා කොස්ගොඩ සුජිට නිල්වරෙන්තු

මෙරටදි  අත්අඩංගුවට ගනු ලැබු විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් විදේශයේ සැඟවි සිටින කොස්ගොඩ සුජි /කිරුලපන මොරිල් ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කලහ. එසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ කිරුලපන පදිංචි ඇන්ටනි මයිකල් මොරිල්, කොස්ගොඩ පදිංචි ජගමුණි සුජිවද සිල්වා ,කලුබෝවිල පදිංචි මොහොමඩ් සියාම් බාසික්, පානදුර පදිංචි මකිම් Read More

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ගිනි අවි සහ මුදල් සමග දැලේ

හෙරොයින් ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ,පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු ගිනි අවි ,මුදල් ඇතුලු දේපල රැසක් සමග ඊයේ (28) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, වේලුවන පෙදෙස පදිංචිව සිටි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ Read More

පාසල්වල සුහුරු පන්ති අරඹා ඩිජිටල් අධ්‍යාපනයක් ඇති කලා – අගමැති

ලෝක ආර්ථිකය  සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයක් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පාසල්වල සුහුරු පන්ති කාමර ඇතිකරමින් ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙන බව ඊයේ (28) දින ගම්පහදී පැවසීය. දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය අමාත්‍ය Read More

ව්‍යාජ කච්චේරියක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩින් අල්ලයි

ව්‍යාජ හැඳුනුම්පත් හා  ව්‍යාජ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ හා වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කිරීමේ ජාවාරමක නිරත වුණු  පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඌරාපොල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. කඩවත ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක රථ ගාල අසලදි මොවුන් දෙදෙනා අත්අඩංගුවට Read More

බ්‍රිතාන්‍ය ජාතියාගෙන් ලක්ෂ 41 ක් වංචා කළ පුද්ගලයා පොලිස් දැලේ

ශ්‍රි ලංකාවේ සංචාරය කිරිම සඳහා විශේෂ මිල ගණන් යටතේ පහසුකම් සපයන බවට පොරොන්දු වි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 41 ක් පමණ මුදලක් වංචා කල පුද්ගලයෙකු පොලිස් සංචාරක කොට්ඨාශය මගින් අද (01) බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිගම පදිංචි පුද්ගලයෙකි. ඉකුත් වසරේ දි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරට සංචාරයක් සඳහා Read More

යාන්ත්‍රික කියත් ලියාපදිංචියට දුන් කාලය ලබන 15 දක්වා දීගු කෙරේ

දැනට භාවිතා කරනු ලබන යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබු කාලය තවදුරටත් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරිමට  ආරක්ෂක අමාත්‍යාශය තිරණය කර තිබේ. මෙම කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රීක කියත් අදාළ දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත Read More

ලංකා බැංකු සේවකයෝ හෙට (01) වෘත්තීය ක්‍රියා මාර්ගයක

ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ සාමුහික ගිවිසුම ප්‍රමාද කිරිමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනිමට තිරණය කර තිබේ.‍ ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ 2018-01-01 දින සිට ක්‍රියාත්මක විමට තිබු 2018-2020 තෙවසර සඳහා වැටුප් හා දිමනා වෙනුවෙන් වන සාමුහික ගිවිසුම් යෝජනා බැංකුවේ පාලනාධිකාරිය වෙත බාර දි වසර එක හමාරකටත් වැඩි කාලයක් ගත වි Read More

t

o

p