මෙරටදි ඇල්ලු ලොකුම කුඩු තොගය ගෙනා කොස්ගොඩ සුජිට නිල්වරෙන්තු

March 1, 2019

මෙරටදි  අත්අඩංගුවට ගනු ලැබු විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් විදේශයේ සැඟවි සිටින කොස්ගොඩ සුජි /කිරුලපන මොරිල් ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කලහ.

එසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ කිරුලපන පදිංචි ඇන්ටනි මයිකල් මොරිල්, කොස්ගොඩ පදිංචි ජගමුණි සුජිවද සිල්වා ,කලුබෝවිල පදිංචි මොහොමඩ් සියාම් බාසික්, පානදුර පදිංචි මකිම් අබ්දුල් රහිම් හා බංග්ලාදේශ් ජාතික අහමඩ් හුසෙන් යන සැකකරුවන් පස්දෙනාටය.මොවුන් සියලු දෙනාම ඩුබායි රාජ්‍යයේ වෙසෙයි.

ඔවුන් එරට සිට මෙරටට එවා තිබු හෙරොයින් කිලෝ 294 ග්‍රැම් 490 ක් ඉකුත් 23 දා අත්අඩංගුවට ගනු ලැබුයේ කොල්ලුපිටිය සුපිරි වෙලඳ සංකිර්ණයක රථ ගාලක් තුලදිය.ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය එක්ව කල වැටලිමකදිය.මෙහිදි වෑන් රථ දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් අතර ඔවුන් රඳවා ගැනිමේ නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් කෙරුණි.ඒ අනුව හෙලි වු තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොටුව අධිකරණය වෙත කරුණු වාර්තා කර මොවුන් සම්බ්නධයෙන් වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කලහ.එම වරෙන්තු ඇසුරෙන් ඉදිරියේදි ජාත්‍යන්තර පොලිසියට කරුණු වාර්තා කර මොවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිල් නිවේදන ගැනිමට නියමිතව තිබේ.

t

o

p