දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ගිනි අවි සහ මුදල් සමග දැලේ

March 1, 2019

හෙරොයින් ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ,පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු ගිනි අවි ,මුදල් ඇතුලු දේපල රැසක් සමග ඊයේ (28) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, වේලුවන පෙදෙස පදිංචිව සිටි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන්  ප්‍රමුඛ ඔහුගේ සහායකයින් පිරිසකි.

සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත ඊයේ දින දෙමටගොඩ රුවන්ගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.එහිදි ඇමරිකාවේ නිෂ්පාදිත මිලි මිටර් 9 වර්ගයේ පිස්තෝලයක්, එම මැගසිනයක්, තුර්කියේ නිෂ්පාදිත මිලි මිටර් 9 වර්ගයේ පිස්තෝලයක්, එහි මැගසිනය, එම ජිව උණ්ඩ 10 ක්, ඕස්ට්‍රියාවේ නිෂ්පාදිත ග්ලොග් 19 වර්ගයේ අවියක්, ඇමරිකාවේ නිෂ්පාදිත වායු රයිපලයක්, කොකෙන් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 457 ක්, හෙරොයින් ග්‍රෑම් 10 ක් පමණ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් විසි නව ලක්ෂ පනස් අටදහස් තුන්සිය හැත්තෑවක්, මොටර් රථ 02 ක්, ජිප් රථයක්, භාවිතාවට තහනම් කල යතුරු පැදියක්,ව්‍යාජ අංක තහඩු ,කඩු 02 ක්, සල්ලි ගණින යන්ත්‍රයක් ඇතුලු දේපල රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Dematagoda Ruwan 3 Dematagoda Ruwan 4

dematagoda Chaminda 2

 

t

o

p