ව්‍යාජ කච්චේරියක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩින් අල්ලයි

March 1, 2019

ව්‍යාජ හැඳුනුම්පත් හා  ව්‍යාජ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ හා වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කිරීමේ ජාවාරමක නිරත වුණු  පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඌරාපොල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කඩවත ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක රථ ගාල අසලදි මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

එහිදි ඔවුන්  සතුව තිබී වෑන් රථයක් සහ එහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක් ,ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැදුනුම්පත් 03ක් , රියදුරු බලපත්‍ර දෙකක් මෙන්ම ව්‍යාජ ලේඛන සකස් කර උකස් තබන ලද මෝටර් රථයක් සොයාගෙන ඇත.

සැකකරුවන්  අද (01) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

t

o

p