බ්‍රිතාන්‍ය ජාතියාගෙන් ලක්ෂ 41 ක් වංචා කළ පුද්ගලයා පොලිස් දැලේ

March 1, 2019

ශ්‍රි ලංකාවේ සංචාරය කිරිම සඳහා විශේෂ මිල ගණන් යටතේ පහසුකම් සපයන බවට පොරොන්දු වි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 41 ක් පමණ මුදලක් වංචා කල පුද්ගලයෙකු පොලිස් සංචාරක කොට්ඨාශය මගින් අද (01) බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිගම පදිංචි පුද්ගලයෙකි.

ඉකුත් වසරේ දි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරට සංචාරයක් සඳහා පැමිණෙන අවස්ථාවේ මොහු ඔහුගෙන් ඇමරිකන් ඩොලර් 22821 ක මුදලක් ලබාගනිමින් පවසා ඇත්තේ හෝටල් හා ආහාර පාන සමග පහසුකම් සපයන බවය.

එහෙත්  එලෙස පහසුකම් ලබා නොදි ඔහු මඟහැර තිබේ.බ්‍රිතාන්‍ය ජාතිකයා ඉකුත් ජුලි මාසයේදි මේ පිලිබඳ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිලි කර ඇත.එකි පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරුව අද දින අත්අඩංගුවට ගෙන ඇත.මේ සම්බන්දයෙන් පොලිස් සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්ෂකගේ උපදෙස් මත පොලිස් සංචාරක කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p