යාන්ත්‍රික කියත් ලියාපදිංචියට දුන් කාලය ලබන 15 දක්වා දීගු කෙරේ

March 1, 2019

දැනට භාවිතා කරනු ලබන යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබු කාලය තවදුරටත් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරිමට  ආරක්ෂක අමාත්‍යාශය තිරණය කර තිබේ.

මෙම කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රීක කියත් අදාළ දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතුය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි ආරක්ෂක අමාත්‍යාංශය  විසින් ගනු ලැබු තීරණයක් අනුව මෙම වැඩසටහන ඉකුත් 20 වැනි දින සිට ආරම්භ විය.එය  අද  (28) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

වන විනාශය පාලනය කිරීම, යන්ත්‍රීක කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම  සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වේ.අදාල ලියාපදිංචියෙන් පසු හඳුනා ගැනිම සඳහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කෙරේ.

t

o

p