ලංකා බැංකු සේවකයෝ හෙට (01) වෘත්තීය ක්‍රියා මාර්ගයක

February 28, 2019

ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ සාමුහික ගිවිසුම ප්‍රමාද කිරිමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනිමට තිරණය කර තිබේ.‍
ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ 2018-01-01 දින සිට ක්‍රියාත්මක විමට තිබු 2018-2020 තෙවසර සඳහා වැටුප් හා දිමනා වෙනුවෙන් වන සාමුහික ගිවිසුම් යෝජනා බැංකුවේ පාලනාධිකාරිය වෙත බාර දි වසර එක හමාරකටත් වැඩි කාලයක් ගත වි ඇතත් තවමත් පිලිගත් විසඳුමක් ලබා දි නොමැති හෙයින් මෙම වෘත්තිය ක්‍රියා මාර්ගයට එළැඹ තිබේ.
ටිට අදාලව එක් දින සංකේත වැඩ වර්ජනයක් හෙට (01) දින පවත්වනු ලබන අතර එදිනම දහවල් 12.30 සිට 1.30 දක්වාඋද්ඝෝෂණයක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ලංකා බැංකු සේවක සංගමයේ සියලූම ශාඛා සංගම් වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන බවද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා ප්‍රකාශ කර සිටියි.

t

o

p