Local News

සමාජ ජාලා ගිණුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයට

ඉදිරි මැතිවරණ කාලසීමාවේදී ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සහ ට්විටර් ගිණුම් නිර්මාණය කිරීම තුළින් සිදුකරන විවිධ අපහාස සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහතා පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදී මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලක්ෂ තුනක ජනතාවක්

යාපනය මුට්ට්‍රවේලි පිටියේ දී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන් වැනි ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය නිමා වන විට ලක්ෂ තුනකට අධික ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණ තිබේ. විශේෂයෙන්ම සති අන්ත දින දෙක තුළ අධික ජන සහභාගීත්වයක් ඊට ලැබිණි. තුන් වැනි දිනයේ ද පාසල් දරුවෝ ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධානතම Read More

ග්‍රාමීය සංවර්ධනයට ලක්ෂ 50ක මුදලක්

පසුගිය වසර 04ක කාලය තුල ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අප ආයෝජනය කළ මුදල් ප්‍රමාණය මෙරට ඉතිහාසයේ කිසි දිනක කිසිවෙකු විසින් ලබාදී තිබුණේ නැහැ.  ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් හෝ ලැබී තිබෙනවා. පළමු වසර දෙකක කාලය තුල සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදීමට අප පියවර ගත්තා. ඒ අනුව මේ වන Read More

ජනප්‍රිය පාසල් නිසා සංස්කෘතිය විනාශ වෙලා

ජනප්‍රිය පාසල් පසුපස හඹා ගොස් දරුවන් සහ දෙම්ව්පියන් දුක් විඳි කාලය අවසන් බවත් වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ ගමේ පාසල් සංවර්ධනය උදෙසා අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති රුසක් ක්‍රියාවට නංවා ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ Read More

ජනපති සමාව අභියෝගයට ලක් කල නඩුව කල් යයි

වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන් නියෝගයට විරුද්ධව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම දෙසැම්බර් 5 වනදා දක්වා කල් තැබීමට අද (10)  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි. පුජ්‍ය ගලගොඩඅත්තේ Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතුයි

පසුගිය වසර හතරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතු බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නිදහස් පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය Read More

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ දී චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්‍ෂුආං (H.E. Chang Xueyuan) යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු විය. මෙම Read More

දකුණු පළාතටත් හැඳුනුම්පත් ලබාගැනීමට කාර්යාලයක්

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ගාල්ලේ දී පැවසීය. එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව Read More

නොවැම්බර් 01 දා සිට අතුරුදන් වූවන්ගේ සියලු පවුල් වෙත මාසිකව රුපියල් 6,000ක්

නොවැම්බර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම අතුරුදන් වූවන්ගේ පවුල් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති මේ මොහොතේ ජනතාවගේ සුබ සාධනය පිළිබඳව ද රජය දැඩි අවධානයක් යොමු කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා Read More

බෝරා සමුළුව අදින්(9) අවසන්

දින 10 ක් පුරා කොළඹ බම්බලපිටිය හුසෙයිනි මස්ජිත් පල්ලියේදි රටවල් 40 කට අයත් බෝරා ආගමිකයෝ 21000 කට අධික පිරිසක් සහභාගීත්වයෙන් පැවැති බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අදින් අවසන් වේ. බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික සමුළුව පැවැත්වුනි.

t

o

p