ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

May 10, 2024

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 77වන වියේ පසු විය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හොබවා තිබේ.

ඒ මහතා දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල කටයුතු කරනලදි. ඒ.ඩී. රංජිත් කුමාර මහතා කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකුද වෙයි.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතායි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා තිබේ.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් වෙයි.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥක් ලෙසත් හැඳින්වීමට හැකි ඇත මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකු ලෙසද සැලකිය හැකියි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතායි.

ඒ මහතාගේ දේහය හෙට උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇති.

රංජිත් කුමාර මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා එනම් හෙට උදෑසන 10ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතයි.

t

o

p