ජනපති සමාව අභියෝගයට ලක් කල නඩුව කල් යයි

September 11, 2019

වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන් නියෝගයට විරුද්ධව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම දෙසැම්බර් 5 වනදා දක්වා කල් තැබීමට අද (10)  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සමග නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ  ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ  සංජය ආරියදාස, නීතිඥ සංජය මාරබේ, නීතිඥ  නිලූකා දිසානායක යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

t

o

p