වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල

September 11, 2019

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ දී පැවැත්විණි.

එම අවස්ථාවේ දී චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්‍ෂුආං (H.E. Chang Xueyuan) යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු විය.

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, කැබිනට් නොවන විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චීන තානාපති චෙං ක්‍ෂුආං (H.E. Chang Xueyuan), මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

t

o

p