දකුණු ආසියානු ගුවන් සමුළුවේ මුල් පුටුව සාගර කොටකදෙණියට

May 9, 2024

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා භූතානයේ පාරෝ නුවර පැවති 31 වැනි දකුණු ආසියානු කළාපයේ රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා ( Cooperative Development of Operational Safety and Countinuing Airworthiness Program ) පිහිටුවා ගෙන ඇති සංවිධානයේ ඉදිරි දෙවසරක කාළය සදහා සභාපතිවරයා ලෙස පත් කර ගෙන තිබේ.

මෙම සමුළුව 05/07 දින සිට 05/09 දින දක්වා පවත්වා තිබූ අතර ඒ සදහා මෙම සංවිධානයේ දකුණු ආසියානු කළාපයේ සාමාජික රටවල් , ගුවන් යානා නිෂ්පාදක සමාගම් සහ ජාත්‍යන්තර ගුවන් සේවා නියාමන සහ පාර්ශ්වකාර ආයතන වල නියෝජිතයන් පැමිණ සහභාගී වීය.

t

o

p