Local News

මල්වතු ඔය පිටාර ගැලීමෙන් පූජා නගරය ජලයෙන් යට වෙයි

දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා ඇත. මේ වන විට මල්වතු ඔය ද පිටාර ගලා ඇත. මල්වතු ඔය පිටාර ගැලිම නිසා අනුරාධපුර පුජා නගරයේ පහත් බිම් රැසක් අද (06)වනවිට ජලයෙන් යටව පැවතියි. එසේම මල්වතු ඔය ආසන්නයේ පිහිටි රජයේ කාර්යාල මෙන්ම නිවාසද ජලයෙන් යටව පවති.

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය Read More

O/L ලියන්න බෝට්ටුවෙන් යයි

කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව  කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති  අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක් Read More

රනිල් – සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂ නායක ධුරය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විපත්‍ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලා අවස්ථා දෙකක දි කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලිම් කරුනු ලැබිණ. ඒ අවස්ථාව වන විට මහ ලෙක්ම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් Read More

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී  පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද  සොයිසා මහතා ඊයේ උදෑසන (04) අභාවප්‍රාප්ත විය.රෝගී තත්ත්වයක් සදහා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඒමහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතාගේ දේහය මෙරටට රැගෙන එමට කටයුතු කෙරෙමින් පවතින අතර අවසන් කටයුතු සිදුවන දිනය පසුව දැනුම් දෙනු ඇත. මිය යන විට 57 වැනි වියේ පසුවු ඒ මහතා 2010 වසරේදී Read More

බ්‍රිතාන්‍යයේ සිටින 6 හැවිරිදි දරුවකුගෙන් අගමැතිට ලිපියක්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය Read More

එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

නව ජනාධිපතිවරයෙකු පත්වී ආණ්ඩු මාරුවීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් විනෝද වෙමින් සිටියි. පරාජයත් සමග ගොළු බෙල්ලා කටුව තුලට වී සැග‌ෙවෙන්නාසේ සැගව සිටි සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වෙමින් සිටියි කඩා වැටුනු ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් Read More

විශේෂ සාකච්ඡාවකට සියලු පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව සදහන්. එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ද  අවධානය යොමු කිරිමට නියමිතයි.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 57 කි.

t

o

p