මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්

December 6, 2019

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. 

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව අද අළුයම මිගමුව ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී මෙරට සිට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.  එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ නවසිලන්තය වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර, මිගමුව ප්‍රදේශයට වෑන් රථයකින් පැමිණි සිට අවස්ථාවේදී  මෙම පුද්ගලයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සංක්‍රමණය වීමට උත්සාහ කල පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් පුද්ගලයින් අවුදුරු 19 ත් 46 ත් අතර වියෙහි පසුවන වලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර,  අත් අඩංගුවට පත් පුද්ගලයින් සහ වෑන් රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන  කටයුතු මීගමුව, පොලීසිය විසින් සිදු කරනු ලබයි.   එමෙන්ම මෙම මිනිස් ජාවරමේ නිරත වූ ජාවාරම්කරු සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාතමක කර ඇත.

තවද, සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක මෙම කාලයේ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම පිටරට වලට යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ගේ බහට රැවටී ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් කිසිවෙකුටත් නීති විරෝධී සංක්‍රමණයන් සිදු කිරීමට කිසිදු විටෙක ඉඩ ප්‍රස්ථාව නොලැබෙනු ඇත.

t

o

p